ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඊයේ (28) වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය අද (29) දිනය දක්වා කල් දැමීමට තරග විනිසුරුවන් තීරණය කළා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබූ අතර, තරගය මෙරට වේලාවෙන් ඊයේ පස්වරු 7.30යි ආරම්භවීමට නියමිතව තිබුණේ.

කෙසේ වෙතත් තරගයේ කාසියේ වාසිය හෝ උරගා බැලීමට වාර්ෂාව හේතුවෙන් අවස්තාව හිමි වූයේ නැහැ.

එහිදී තරගයේ අමතර දිනයක් ලෙස අද දිනය නම් කළ අතර, පසුව කඩින් කඩ වර්ෂාව පැවතීම හේතුවෙන් තරගය අද දිනය දක්වා කල් දැමීමටයි තීරණය කළේ.

ඒ අනුව අද දිනයේ තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ඉන්දියාවේ අහමදාබාද්හී පිහිටි ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content