ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.

එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, ඔවුන් ක්‍රීඩා කළ තරග 2 ම ජයග්‍රහණය කරමින්.

දෙවන ස්ථානයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමත් තෙවන ස්ථානයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමත් පසුවනවා.

කොල්කටා නයිට්රයිඩර්ස්, පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලූරු යන කණ්ඩායම් පිළිවෙලින් සිව් වන, පස්වන සහ හයවන යන ස්ථානයන් හි පසුවනවා.

WhatsApp Group

Skip to content