ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියරේ තරග අද ආරම්භ කෙරෙනවා.

තරගාවලියේ අවසන් වටයේ තරග මෙන්ම අවසන් මහා තරගය ද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

LPL තරගාවලියේ හම්බන්තොට අදියර පසුගියදා 6 වනදා ආරම්භ කෙරුණු අතර මහනුවර අදියර අවසන් කෙරුනේ පසුගිය බදාදා දිනයෙන්.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් මෙතෙක් පැවැති තරග 6කදී තරග 5ක් ජයගත් වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැල්කන්ස් පිල අවසන් වටයට කලින්ම පිවිසීමේ අවස්ථාව හිමිකර ගනු ලැබුවා.

ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටින ජැෆ්නා කිංග්ස් තරග 6කදී ජයග්‍රහණ 4ක් වාර්තා කොට ඇති අතර, ඒ අනුව ඔවුන්ද මේ වන විටත් අවසන් වටය සඳහා සුඳුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content