Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල සංශෝධනය කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩුවෙනු ඇති.

පාන්පිටි මිල පහල යෑම හේතුවෙන් එම වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙලෙස පාන් රාත්තලක මිල සංශෝදනය කරන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා පැවසුවේ.

අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද හැකි අයුරින් අඩු කරන්නැයි ඉල්ලීමක් කරන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එන්. කේ ජයවර්ධන මහතා කියසිටියා.

https://www.vnews.lk/storage/2022/12/N.K-JAYAWARDHANA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content