නිසිකලට තීන්දු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පිරිවෙන් ගුරුවරුන් පිරිසකට වසරකට අධික කාලයක සිට වැටුප් නොලබා සේවය කිරීමට සිදුව ඇතැයි ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය පවසනවා.
එහි ලේකම් පුජ්‍ය මිගහජඳුරේ සීලානන්ද හිමියන් සඳහන් කළේ, පිරිවෙන් ගුරුවරුන් 247 දෙනෙකු මෙම අසාධාරණයට ලක්ව ඇති බවයි.
මෙම ගුරුවරුන්ට හිමි වැටුප් ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත් කළ ද බලධාරීන් ඊට විසඳුම් ලබා නොදෙන බවයි උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ.
පරිවේණාචාර්ය සේවය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන්ද ගැටලු රැසක් පැන නැගී ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ
මෙරට පිරිවෙන් 850කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර එහි සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව 6500කට අධිකයි.
උණුසුම් පුවත්
- ස්වීඩනයට ගිය අනුර කුමාරට සුපිරි පිළිගැනීමක් (වීඩියෝ)
- සංගා-මහේල තරඟාවලියේ ජය නාලන්දා කණ්ඩායමට
- ETF පොලි අනුපාතය ඉහළට
- පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට පියවර
- ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන යානයක් හූති කැරළිකරුවන් බිම හෙලයි
- යුරෝපය සහ චීනය අතර පවතින අර්බුදය යුක්රේන යුද්ධය පදනම් කර ගනිමින් තවත් තීව්ර වෙමින්
- යුද හමුදා පොදු සමා කාලයේ පළමු සතියේදී 7156ක් සේවයෙන් ඉවතට
- සංවර්ධන නිලධාරීන් හෙට අසනීප නිවාඩු