Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලද මොණරාගල කොට්ඨාස භාරව සිටි වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමට ලක්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ ජාතික පොලිස් කොමිසන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතාගේ නිල නිවසේ තිබී වියළිම පිණිස සකස් කරන ලද ගංජා පැල 650කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද සෝදිසි කිරීමකදී සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, ඔහුගේ නිල රියදුරු වශයෙන් කටයුතු කරන ලද පොලිස් කොස්තාපල්වරයෙක්,

නිවසේ රාජකාරී කරන ලද පොලිස් සැරයන්වරයෙක් සහ මොනරාගල හා මොරටුව එගොඩඋයන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනුණා.

එසේම සැකකරුවන් භාවිත කරන ලද ජීප් රථයක් හා භූගත ලෝහ වැනි ද්‍රව්‍ය නිරීක්ෂණය කළ හැකි උපකරණයක් පන්දම් කිහිපයක් ද පොලිස් භාරයට ගැනුණා.

WhatsApp Group

Skip to content