ගාස්තු ඉහළ නොදැමුවහොත් විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසුවේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය මුදල මණ්ඩලය විසින් සපයා ගත යුතුව ඇති බවයි.

එමෙන්ම පවතින මූල්‍ය අර්බුදය පියවා ගැනීමට ඇති අවම හානි දායක ක්‍රමය ගාස්තු ඉහළ දැමීම බවද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා.

මේ අතර පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් අදත් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා.

මේ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා වූ කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20 ක් ද වශයෙන් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කෙරෙනු ඇති.

WhatsApp Group

Skip to content