ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ තහනමකට ලක්වූ කුෂාන් නැමැත්තාට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

සංචාරක වීසා මඟින් මෙරට කාන්තාවන් ඕමානයට රැගෙන ගොස් අතරමංව සිටිය දී ලිංගික හිරිහැර කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටා ඇති ජාත්‍යන්තර පොලිස් ශාඛාව අවශ්‍ය ලිපිලේඛන මේ වන විටත් ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයට යොමු කර ඇති බව සඳහන්.

කුෂාන් නැමැත්තාට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදනයක් ලබාගැනීමට පියවර ගෙන ඇත්තේ ඔහු ඕමානයේ සිට වෙනත් රටකට පලායාමේ වැඩි ඉඩක් ඇති බවට මතුව ඇති සැකය හේතුවෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

WhatsApp Group

Skip to content