ජපන් ජාතිකයෙකුට අයත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 06 ක මුදලක් ලබා ගෙන ඒ සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටි ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ, අදාළ නඩුව මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැදවූ අවස්ථාවේදීයි.

එම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාර ජපන් ජාතික ජොසුස්කි හයාෂි නමැත්තා පසුගිය වසර 07 ක කාලසීමාව තුළ අධිකරණයට පැමිණ සාක්ෂි ලබා නොදීම හේතුවෙන් එම නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඩිලන්ත මාලගමුව මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදහස් කරන ලෙස නියෝග කර සිටියා.

සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතුවලට බව පවසා ජපන් ජාතිකයෙකුගෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 06 ක මුදලක් ලබාගෙන ඒ සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව ගොනුකර තිබුණේ පසුගිය 2015 වසරේදීයි.

WhatsApp Group

Skip to content