එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවට වන විශේෂ යෝජනාවක් එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව අනුමත කර තිබෙනවා .

එහිදී ආණ්ඩුව සමග එක් වීමට හෝ තනතුරු නොගැනීමට සදහා යෝජනාවක් අනුමත කර ගැනීමටයි කටයුතු කර ඇත්තේ .

මෙම තීරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ඊයේ රැස්වූ සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලදී ගනු ලැබුවා .

පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණ වලට එරෙහි වන ඕනෑම අයෙකුට පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලය පැවරීමටත් මෙහිදී කටයුතු කෙරුනා .

WhatsApp Group

Skip to content