ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53 වැනි තරගය ජය ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කඩුළු 5න් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 179ක් රැස් කළා.
එහිදී නායක ශිකර් ධවාන් පන්දු 47දී ලකුණු 57ක් රැස් කිරීමට සමත් වුණා.

මෙම තරගයට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂට ලකුණු නොලබා දැවී යාමට සිදු වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 182ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ඇන්ඩේ‍ර රසල් පන්දු 23ක දී ලකුණු 42ක් රැස් කිරීමට සමත් වුණා.

 

WhatsApp Group

Skip to content