Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වැසි සහිත කාලගුණික තත්ත්වය මෙමස 10 වැනිදා තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය කරනවා.
එහි  නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කරන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත කැලඹිලි ස්වභාවය අඩු පීඩන තත්වයක් දක්වා වර්ධනය වී පසුව සුළි කුණාටුවක් බවට වර්ධනය වනු ඇති බවයි.
මෙම අඩු පීඩන කලාපයට ලංකාව හරහා සුළං ධාරා ගමන් කිරීම නිසා තාවකාලික මෝසම් වර්ෂා තත්වයක් පවතින බවයි ඒ මහතා සඳහන් කලේ.

මේ හේතුවෙන්  බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු යන පළාත්වලට මෙන්ම  උතුරේ සිට දකුණ වෙරළ කලාපය ආශ්‍රිතව වරින්වර මිලි මීටර් 50 ත් 100 ත් අතර වැසි තත්ත්වයක් පවතී.

මේ අතර අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක දහයක පවුල් 1635 කට අයත් පුද්ගලයන් 6349 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
කළුතර, ගම්පහ, බදුල්ල, ත්‍රිකුණාමලය, රත්නපුර, කෑගල්ල, යාපනය, මුලතිව්, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පිරිසක් මෙලෙස පීඩාවට පත්ව සිටිති.

ජල ගැලීම් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් පුද්ගලයකු මිය ගොස් ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

WhatsApp Group

Skip to content