ඉන්දුනිසියාවේ ළමුන් සදහා ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ගයක් ලබා දීම හේතුවෙන් 2020 වසරේ සිට මේ දක්වා ළමයින් 200ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

උණ රෝගය වැළදීමත් සමග ඇති වූ කැස්ස සදහා මෙම පැණි වර්ගය ලබා දී ඇති අතර, පසුව වකුගඩු වල සිදු වූ ආබාධ හේතුවෙන් මෙම ළමුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ.

ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ ළමුන්ගේ දෙමව්පියන් විසින් ඉන්දුනීසියා රජයට සහ ඖෂධ සමාගම් 08ට එරෙහිව නඩු පවරා ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත් වූ එක් ළමයෙකු සදහා ඇමරිකානු ඩොලර් 195,000ක් සහ ආබාධ වලට ගොදුරු වී සිටින ළමයෙකු සදහා ඇමරිකානු ඩොලර් 130,000ක් බැගින් වන්දි ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.

WhatsApp Group

Skip to content