Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නත්තල් දිනය හේතුවෙන් දිවයිනේ සියලු බන්ධනාගාරවල කතෝලික රැඳවියන්හට පමණක් අද දිනයේදී අමුත්තන් හමුවීමට අවසර හිමිව තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

ඒ අනුව, කතෝලික රැදවියන්හට නත්තල් දින විශේෂ දිනයක් ලෙස සලකා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අමුත්තන් පෙන්වීමට කටයුතු සිදු කරනු ලබනවා.

රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි රැගෙන ඒමට කටයුතු කළ යුතු බවත් ඒකනායක මහතා කියා සිටියේ .

WhatsApp Group

Skip to content