Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මහියංගනය ඒ – 26 මාර්ගයේ 18 වංගුවේ, 02වැනි වංගුවට ගල් සහ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මහනුවර -මහියංගනය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමූ බව පොලීසිය පවසනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම මාර්ගයේ ඉහළ කොටමේ නායයෑමකට ලක්ව විශාල ගලක් මාර්ගයට පතිතවී මෙලෙස ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග දෙකක් භාවිතා කළ හැකි බව පොලීසිය පවසනවා.

ඒ අනුව මහනුව දෙස සිට මහියංගනය දක්වා ධාවනය වන වාහන තැන්නේකුඹුර හන්දියෙන් දකුණට හැරී රන්දෙනිගල මාර්ගය ඔස්සේ ගමන් කර, රජ මාවත හන්දියෙන් වමට හැරී මහියංගනය දෙසට ගමන් කළ හැකියි.

එමෙන්ම මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන වාහන රජමාවත හන්දියෙන් දකුණට හැරී රන්දෙනිගල මාර්ගය ඔස්සේ ගමන් කර තැන්නේකුඹුර හන්දියෙන් වමට හැරී මහනුවර දෙසට ගමන් කළ හැකි බවද පොලීසිය වැඩිදුරටත් සදහන් කරනවා.

WhatsApp Group

Skip to content