සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ මරණය හෘදයාබාධයකින් සිදුවුවක් බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සිදුකළ විමර්ශන අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.

2020 වසරේදී ඉන්දියාවේ තමිල්නාඩුවේදී අංගොඩ ලොක්ක මියගොස් තිබුණා.

මොහු විදෙස් ගතව සිටිමින් මෙරට අපරාධ රැසක් මෙහෙයවා තිබෙනවා.

WhatsApp Group

Skip to content