සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගය කඩුලු 5කින් ජය ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 35යි පන්දු 4කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 188ක් පමණයි.

මිචෙල් මාර්ශ් ලකුණු 81ක් ලබා ගත්තා.

මොහොමඩ් ශාමි කඩුලු 3ක් බිදහෙළුවා.

පිළිතුරැ ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 39යි පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 191ක් ලබා තරගය ජය ගත්තා.

ලොකේෂ් රාහුල් ලකුණු 75යි.

තරගය පැවැත්වුණේ ඉන්දියාවේ වන්කඩේ ක්‍රිඩාංගනයේදීයි.

WhatsApp Group

Skip to content