Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය හෙනේපොළ ගුණරත්න නාහිමියන් වෙත උපහාර පිදීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් සමරු මුද්දරයක් නිකුත් කර තිබෙනවා.

බෞද්ධ දර්ශනය නගාසිටුවීම වෙනුවෙන් ලොව පුරා ධර්මය ප්‍රචාරය කරමින් කටයුතු කරන උන්වහන්සේ කෘති රැසක් ද මේ වන විට පළකර තිබෙනවා.

මේ හේතුවෙනුයි උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය හෙනේපොළ ගුණරත්න නාහිමියන් වෙනුවෙන් මෙම උපහාර මුද්දරය නිකුත් කිරීමට තීරණය කර ඇත්තේ.

එළඹෙන ජුනි මස 04 වන දා සවස 4 ට හරිත විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී මෙම සමරු මුද්දරය නිකුත් කිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට සහභාගි වන ලෙස හැකි සියලු දෙනාට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කමිටු සාමාජිකයින් විසින් ආරාධනා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content