ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද අහමදාබාද් හිදි පැවැත් වෙනවා. එහිදි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් හි පිහිටි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙන අතර, තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30 ට තරගය ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

අවසන් මහා තරගය ඊයේ දිනයේදී මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර වර්ෂාව හේතුවෙන් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වුණා. ඒ අනුව තරග තීරකයන් සහ සංවිධායක මණ්ඩලය අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්වීමටයි කටයුතු කෙරුණේ.

අද දිනයේද මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී ක්‍රීඩා කිරීමට නොහැකි වන්නේ නම් තරගයේ ජය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හිමි වනවා. ඒ තරගාවලියේ පළමු වටයේ ලකුණු සටහන් අනුව ඔවුන් පළමු ස්ථානයේදී පසුවීම හේතුවෙන්.

මේ අතර ඊයේ දිනය සදහා නිකුත් කර තිබු ටිකට්පත් අද දිනය සදහා ද වලංගු වන බව ඉන්දීය ප්‍රිමියර් ලීග් සංවිධාකයකයින් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content