වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයින් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

වයඹ පළාතේ ගවයින් අතර සීග්‍රයෙන් පැතිර යන වෛරස් රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ගවයින්ගේ සම ආශ්‍රිතව ඇති වන කුඩා ගැටිති සහ තුවාල හේතුවෙන් ගවයින් දැඩි පීඩාවට පත් වී ඇති බවයි වයඹ පළාතේ පශු වෛද්‍ය නිලධාරින් කියා සිටියේ.

WhatsApp Group

Skip to content