Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අතුරුදන්ව සිටි අලිබාබා නිර්මාතෘ ජැක් මා පළමුවරට ටෝකියෝවේ දී මහජනයා අතරට පැමිණ සිටි බව ජපන් මූලාශ්‍ර කිහිපයක් වාර්තා කර තිබෙනවා.

ජැක් මා – චීන පාලනයේ මර්දනය හමුවේ පසු ගිය කාලයේ අතුරුදන් ව සිටි බවටයි වාර්තා වුයේ.

චීන බලධාරින් විවේචනය කළ ජැක් මා, එරට රාජ්‍ය බැංකුවලට උකස් සාප්පු මානසිකත්වයක්‘ ඇති බවට චෝදනා කිරීමෙන් අනතුරුවයි අතරුදන්ව සිටියේ.

රහසිගත ජීවිතයක් ගත කළ ජැක් මා මෙලෙස මහජනයා ඉදිරියට පැමිණ ඇත්තේ මාස හයකට ආසන්න කාලයක් පසුවයි.

ඔහු එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ සංචාරවල නිරත වෙමින් සිටි බවත් මේ වන විට ටෝකියෝවෙන් පිටත ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන බවත් ජපන් වාර්තා පවසනවා.

ජැක් මා – ටෝකියෝ හි පෞද්ගලික සමාජශාලා කිහිපයකට නිතර යන එන බව මාධ්‍ය වාර්තා කර ඇති අතර විශ්ලේස්කයන් පවසන්නේ ජපන් නූතන කලාවේ රසිකයෙකු බවට පත්ව ඇති ඔහු – ව්‍යාපාරික අවශ්‍යතා පුළුල් කිරීමේ අරමුණෙන් ගවේෂණය කරමින් සිටින බව ද සඳහන්.

WhatsApp Group

Skip to content