විධායක තීරණ ක්‍රියාත්මක කිරීමේ දී රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර නිවැරදි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට වේදිකාවක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටු ක්‍රියාත්මක වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ හරහා සංවර්ධන ක්‍රියාවලිය විධිමත් ව සිදු කිරීමට අවස්ථාව හිමි වන අතර, මූල්‍ය හානි හා ප්‍රමාදයන් ද වළක්වා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති බව ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි.

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේපකරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර තිබු බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, පළාත් සභා තුළ දිස්ත්‍රික් සංවර්ධන කමිටු (DDC) පිහිටුවීමට සූදානම් බව යි.

ඒ හැර පළාත් සභා විසුරුවා හැරීමක් පිළිබඳ ජනාධිපතිවරයා කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැති බව ද මෙම නිවේදනයේ සඳහන්.

WhatsApp Group

Skip to content