පේරාදෙණිය ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන ලද වෛද්‍යවරියක් සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වනවා.

මෙලෙස දිවි නසාගෙන ඇත්තේ කඩුගන්නාව ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදීයි.

කඩුගන්නාව පොලිසිය කියා සිටියේ ගෙළ වැළලාගෙන සිය දිවි නසාගෙන ඇති බවයි.

වෛද්‍යවරිය සිය දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මියයන විට ඇයගේ වයස අවුරුදු 54ක්.

සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.

 

 

WhatsApp Group

Skip to content