Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇෆ්ඝනිස්තානය සමග ජූනි දෙවැනිදා ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා දිමුත් කරුණාරත්න හා දුෂ්මන්ත චමීර යළි කැදවා ඇති අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ද සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා.

සධීර සමරවික්‍රම ද සංචිතයට නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග පාදයක ආබාධයකට ලක්ව සිටින නමුත්, මෙම සංචිතය සදහා ද ඔහු නම් කර තිබෙනවා.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 29 හැවිරිදි දුෂාන් හේමන්ත පා දග පන්දු යවන්නෙකු ලෙස සංචිතයට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අයි.පී.එල් තරගාවලියේ දී විශිෂ්ඨ දක්ෂතා දැක් වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද සංචිතයට නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

ජූනි දෙවැනිදා පළමු එක්දින තරගය ද, ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content