කැබිනට් අමාත්‍යංශ අටක් ඳසහා නව ලේකම්වරුන් පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක පරිදි මෙම පත් කිරීම් සිදු කර ඇති බව සඳහන්.

මේ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාතයංශයේ නව ලේකම්වරයා ලෙස එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසින් කටයුතු කරනු ලැබුවා.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසින් කටයුතු කළ එච්.කේ.ඩී.ඩබ්ලිව්.එම්.එන්.බී. හපුහින්න මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසින් පත් කර තිබෙනවා.

යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ. මහේසන් මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ එම්. යමුනා පෙරේරා මහත්මිය කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසින් පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.එම්. නයිමුදීන් හතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ පී.පී. ගුණතිලක මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් පත් කර තිබෙනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ඒ්.එම්.පී.එම්.බී. අතපත්තු මහතා වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත්, කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර මහතා සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් පත් කර තිබෙනවා.

එසේම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතා නැවත වසරක කාලයක් ඳසහා ඒම ධුරයන්ටද පත් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content