Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ස්ථාන විස්සකදී රුපියල් 55 මිලකට අද(23) සිට බිත්තර අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා

බිත්තර මිල ගණන් පාරිභෝගිකයන්ට දැරිය නොහැකි ආකාරයට ඉහළ යාම හේතුවෙන් බිත්තර අවම මිලක් යටතේ අලෙවි කිරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් කිහිපයක් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා.

එහිදී බිත්තරයක් රුපියල් පනස් පහක මිලකට අලෙවි කිරීමට එම සංගම් අමාත්‍යවරයාට එකඟතාවය පළ කර තිබෙනවා.

මේ අනුව අද(28) කොළඹ නගරය අවට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ විස්සක් පමණ යෙදවීමට එම සංගම් පියවර ගෙන තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.

කොළඹ දුම්රිය ස්ථානය, දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මීගොඩ සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන ජාතික රූපවාහිනී සංස්ථාව අසල මංසන්ධිය සහ හෝමාගමදී මෙම බිත්තර අලෙවි කෙරෙනු ඇති.

එමෙන්ම වත්තල, ජාඇළ, රාගම, මීගමුව, කිරිබත්ගොඩ, කඩවත සහ පෑලියගොඩ යන නගරවලද බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ තැබීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content