Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඊසාන දිග ඇමෙරිකාවේ පළාත් රැසකට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

අධික වර්ෂාව හා හිම පතනය හේතුවෙන් ඊසාන දිග ඇමෙරිකාවේ පළාත් රැසක සාමාන්‍ය ජන ජිවිතයට බාධා එල්ල කර ඇති බව සදහන් .

අයහපත් කාලගුණය හේතුවෙන් නිව් යොර්ක් හා නිව් ජර්සි යන ප්‍රාන්තයන්ට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරුණා.

ගුවන් ගමන් වාර රැසක් අවලංගු කර ඇති අතර නිවාස දෙලක්ෂ හැටදහසකට අධික සංඛ්‍යාවකට විදුලිය බිඳ වැටී ඇති බවටයි එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කරන්නේ.

මිලියන 15කට අධික පිරිසකට හිම කුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

අධික වර්ෂා පතනය හා හිම පතනය එකවර ඇති වීම සාමාන්‍යයෙන් සිදු නොවුව ද මිනිස් ක්‍රියාකාරකම් හරහා සිදු ව ඇති කාලගුණික විපර්යාස හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වන්නට ඇති බවටයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content