අරගලය ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේදී සැමරුම් උත්සවයක් පැවැත්වීම සඳහා කටයුතු යොදා තිබෙනවා.

ඒ හේතුවෙන් මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පොලිස් නිලධාරීන් 1500 ක් ඇතුළු ආරක්ෂක සාමාජිකයන් තුන්දහසකින් සමන්විත විශේෂ බලඇණියක් කැඳවා ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

2022 මාර්තු 31 වෙනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා සිදුකළ උද්ඝෝෂණයට අදට වසරක් පිරීම නිමිත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු යනුවෙන් විරෝධතාවයක් ද පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content