Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දියාවෙන් ආනයනය කල බිත්තර හෝටල් සඳහා අවශ්‍ය නොමැති බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ රුපියල් 46 ක් වැනි මුදලක් වැය කර දේශීය බිත්තර හෝටල් සඳහා ලබා දීමට අවශ්‍ය පියවර මේ වන විට සැලසුම් කර ඇති බවයි.

ආනයනික බිත්තර හේතුවෙන් මෙරට බේකරි කර්මාන්තයේ අවසානය උදාවන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/03/ASELA-SAMPATH-EDIT.mp3?_=1

මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් ලබන අඟහරුවාදා දිවයිනට ආනයනය කරන බවයි.

මෙරටට ආනයනය කළ පළමු බිත්තර තොගය බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළා.

මහා පරිමාණ බේකරි හා හෝටල් සඳහා එම බිත්තර රුපියල් 35 ක මිලකට බෙදා හැරීමට පියවර ගත් බවයි ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේ.

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා.

https://www.vnews.lk/storage/2023/03/NALIN-FRANADO-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content