Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන්ට චෝදනා කියවා දීම කොළඹ මහාධිකරණය හමුවේ අද සිදු කෙරුනා.

මෙම චෝදනා කියවාදීම සිදුවුයේ දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දියි.

මෙම චෝදනා කියවාදීම සිදු කළ අවස්ථාවේ දී බන්ධනාගාරගත කර සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුනා.

නඩුවේ අන්තර්ගත චෝදනා 23,270 අතුරින් චෝදනා 13 ක් අද දින විවෘත අධිකරණයේ කියවා දෙනු ලැබූ අතර එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බවයි විත්තිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ.

ඉන් අනතුරුව වැඩිදුර චෝදනා කියවා දීම මැයි මස 24 වනදා දක්වා කල් තැබුනා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මවුලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබෙනවා.

WhatsApp Group

Skip to content