Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංචාරකයින් 480 ක් රැගෙන මෙරටට පැමිණි අසමාරා ක්වෙස්ට් නෞකාව අද හම්බන්තොට වරායට ළගාවීමට නියමිතයි.

සංචාරකයින් 480 ක් හා කාර්ය මණ්ඩලයේ 400 දෙනෙකු සමඟ එම නෞකාව පෙරේදා කොළම වරායට ළගාවුණා.

මෝල්ටා ධජය යටතේ ලියාපදිංචි කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 181 ක් හා පළලින් මීටර් 25 ක් වනවා.

නෞකාවෙන් පැමිණි සංචාරකයින් අතරින් වැඩි පිරිස යුරෝපා ජාතිකයින්.

කොළඹ වරායේ සිට ගමන් ඇරඹු එම යාත්‍රාව අද දිනයේ හම්බන්තොට වරායට ළගාවීමට නියමිත අතර නෞකාව අද රාත්‍රියේ ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content