මහනුවර, අස්ගිරිය දුම්රිය ස්ථානය අසලදී දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහනුවර දෙස සිට මාතලේ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

මිය ගිය දැරිය උපකාර පංතියකට සහභාගී වී නැවත නිවසට යමින් සිටියදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවා.

මේ වන විට මිය ගිය දැරියගේ මෘත ශරිරය මහනුවර රෝහලේ තැන්පත් කර ඇති අතර මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

WhatsApp Group

Skip to content