Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව ශූන්‍ය අගයක් ගත්තද දෛනිකව තවදුරටත් සුළු වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ දත්ත පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් දින කිහිපයකට පසුව ඊයේ දිනයේ දි මෙරටින් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,793 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඊයේ දිනයේ දී කාන්තාවන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති අතර ඉන් එක් අයෙකු වයස අවුරුදු 60 ඉක්මවු කාන්තාවක බවද සඳහන්.

අනෙක් කාන්තාව වයස අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනයේ දි කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සන්ජ්හ්යාව හය ලක්ෂ 71,522 ක් වනු ඇති.

ඊයේ දිනයේ වාර්තා වු සියලු ආසාදිතයින් මෙරටින් හඳුනාගත් පුද්ගලයින් බවද සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියා.

WhatsApp Group

Skip to content