ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

88 වන වියේ පසුවූ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය පෙරේදා අභාවප්‍රාප්ත වුවා.

ඇය හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳයි.

සුමිත්‍රා පීරිස් මහත්මිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ගඟ අද්දර චිත්‍රපටය මහත් ජනාදරයට පාත්‍ර වූවා.

ගැහැනු ළමයි – යහළු යෙහෙළි – මායා – සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා – ලොකු දුව – දුවට මවක මිස – සක්මන් මළුව මෙන්ම යහළුවෝ චිත්‍රපට ඇයගේ අධ්‍යක්ෂණයන්.

1990 දශකයේ අගභාගයේදී සුමිත්‍රා පීරිස් මහත්මිය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ද කටයුතු කලා.

අවසන් කටයුතු අද පස්වරු 4ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශය සඳහන් කලා.

WhatsApp Group

Skip to content