කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පැවසුවේ අද පෙරවරු 11.00 සිට රාත්‍රී 08.00 දක්වා වූ කාලය තුළ මෙම ජල සැපයුම අත්හිටුවන බවයි.

එම කාලය තුළ දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ වලද ජල සැපයුම අත්හිටු වනවා.

ඊට අමතරව මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශවල සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශවල මෙන්ම රත්මලාන හා කටුබැද්ද ප්‍රදේශවලද එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

විදුලිබල මණ්ඩලය විසින් සිදු කරනු ලබන අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ තුලුමන් පොම්පාගාරය වෙත විදුලි සැපයුම අත්හිටුවීම මෙම ජල කප්පාදුවට හේතුව බවයි සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content