නවසීලන්ත කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිස් හිප්කින්ස් අගමැති ධුරයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ජසින්ඩා ආර්ඩර්න් අගමැති ධුරයෙන් ඉවත්වන බවට දැනුම් දීමහේතුවෙන්.

ක්‍රිස් හිප්කින්ස් 2008 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 2020 නොවැම්බර් මාසයේදී කොවිඩ් පාලන අමාත්‍යවරයා ලෙස පත් කෙරුනා.

ඔක්තෝබර මාසයේදී නවසීලන්තය- මහ මැතිවරණයක් පැවැත්වීමටයි සුදානම් වන්නේ.

ඒබැවින් ක්‍රිස් හිප්කින්ස් කොපමණ කාලයක් ධූරයේ කටයුතු කරනු ඇත්ද යන්න අවිනිශ්චිතයි.

44 හැවිරිදි හිප්කින්ස් – පොලිස්, අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍යවරයා ලෙසයි මේ වන විට කටයුතු කරන්නේ.

ජසින්ඩා ආර්ඩර්න් – පෙබරවාරි 7 වන දින නිල වශයෙන් ආණ්ඩුකාර ජනරාල්වරයා වෙත සිය ඉල්ලා අස්වීම භාර දෙනු ඇති.

WhatsApp Group

Skip to content