ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් ඉහළ දමා ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 20ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් බදු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වනවා.

WhatsApp Group

Skip to content