Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

චීන රජය විසින් මෙරටට ලබාදෙන පාසල් නිල ඇඳුම් ප්‍රදානය මේ වනවිට සම්පූර්ණයෙන්ම ලැබී අවසන් වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව කඩිනමින් නිල ඇඳුම් බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කළේ.

අවසන් නිල ඇඳුම් රෙදි තොගය ලක් රජයට බාරදීම මෙරට චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණු අතර, ඊට එක්වෙමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content