විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම හේතුවෙන් මෙම වසරේ කිසිඳු පාර්ශවයකට පාරිතෝෂිත දීමනා ගෙවිය නොහැකි බව ලිපියකින් දැනුම් දී ඇති බවත්, පාඩු ලබන ආයතනවල සේවකයින්ට බෝනස් ගෙවිය නොහැකි බවත්, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

මහජන උපයෝගිතා කොමිසම යහතින් සිටින තාක්කල් කිසිඳු තුන් වන පාර්ශවයක් සඳහා විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව සඳහන් කළ සභාපතිවරයා විදුලි ගාස්තු ඉහළ දමන ලෙස 2017 වසරේ තමන් ඉල්ලීමක් කරන තුරු කිසිවෙකුත් ඉල්ලීමක් නොකළ බැවින් එලෙස ඉල්ලීමක් කර බව කියන ප්‍රකාශ අසත්‍ය බවද ඔහු සඳහන් කළා.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

https://www.vnews.lk/storage/2022/12/JANAKA-RATHNAYAKE-EDIT-01.mp3?_=1 https://www.vnews.lk/storage/2022/12/JANAKA-RATHNAYAKE-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content