පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද දින අදාළ සිද්ධියෙන් ඇප ලැබීමෙන් පසු පළමු වරට දැක ගැනීමට හැකිවුණා.

ඒ, ඔහුගේ ඇප කොන්දේසි යටතේ පොලීසියට වාර්තා කිරීමට පැමිණි අවස්ථාවේදීයි.

31 හැවිරිදි වියෙහි පසුවන ධනුෂ්ක ගුණතිලක මෙලෙස ඔහුගේ දෛනික වාර්තාකරණය සඳහා සිඩ්නි පොලිස් ස්ථානයකට ඇතුලු වූ අවස්ථාවේ දී වාර්තාකරුවන් විසින් ඡායාරූප ගත කොට ඇත්තේ.

ධනුෂ්ක ගුණතිලක අදාළ සිදුවීමෙන් පසු ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය වනවා.

WhatsApp Group

Skip to content