ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඉල්ලා අස් වී තිබෙනවා .

කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දැනුම් දී තිබෙන බව සදහන්.

විජේදාස රාජපක්ෂ මහතා ඉවත්වීමට හේතු ලෙස ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව සඳහන් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ නිවැරදි තීරණයකට එළඹීමට හැකිවන පරිදි අදාළ සියලු කරුණු කමිටුවට හෙළි කිරීමට නිලධාරීන් දක්වන මැළිකම සහ රැස්වීම් පිළිබඳ නිසි ආකාරයෙන් තමන් දැනුවත් නොකිරීම එම කරුණු වන බවයි.

WhatsApp Group

Skip to content