ඇමෙරිකානු රජයේ ණය සීමා වැඩි කර ගැනිමේ ගිවිසුම පිළිබද කොංග්‍රසයේ ඡන්ද විමසීම සදහා කටයුතු සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කතා නායකවරයා සමග පැවති සාකච්ඡාව සාර්ථක බවයි.

ඒ අනුව 2025 වසර දක්වා වසර 2 ක් වෙනුවෙන් ඇමෙරිකාවේ ණය සීමාව ඉහළ දමනු ඇති.

ණය සීමාව වැඩි නොකළහොත් ඩොලර් ටි්‍රලියන 24 ක අලාභයක් සිදු වනු ඇති බවට ගණන් බලා තිබෙනවා.

ජූනි 5 වන දාට පෙර මේ සම්බන්ධ කොංග්‍රස් ඡන්ද විමසීම සදහා අනුමැතිය ලබා ගත යුතු වනවා.

WhatsApp Group

Skip to content