තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්ථානයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නැවත දැනුම් දෙන තුරු එරට ශිෂ්‍යාවන්ට විශ්ව විද්‍යාලවලට ප්‍රවේශ වීමට ඉඩ නො දෙන බව ප්‍රකාශ කරනවා .

කැබිනට් තීරණයකට අනුව ශිෂ්‍යාවන් සඳහා ප්‍රවේශය වහා ම අත්හිටුවන ලෙස ඇෆ්ගන් රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට උපදෙස් දී ඇති බව යි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ,

කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය විසින් පනවා ඇති නවතම තහංචි ජාත්‍යන්තර ප්‍රජාව තුළ කනස්සල්ලට හේතු විය හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

කෙසේ වෙතත් තලේබාන් පාලනය විධිමත් ලෙස පිළිගැනීම සලකා බැලීමට පෙර කාන්තා අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිවල වෙනසක් අවශ්‍ය බව එක්සත් ජනපදය ඇතුළු විදේශ ආණ්ඩු පවසා තිබෙනවා .

WhatsApp Group

Skip to content