ඉදිරි මාස හය තුළ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ මහතා පවසනවා.

ඉන්දියාව මේ වන විටත් ඒ සඳහා සහය ලබා දීමට පොරොන්දුවීමත් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල යහපත් ප්‍රගතියක් ලබා ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ.

මේ අතර චීනයේ අපනයන – ආනයන බැංකුව හෙවත් එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට සිය ණය ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දෙන බව ලිපියක් මගින් දැනුම් දී ඇතැයිද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 02 යි දශම 09 ක ණය සහනයක් ලබා ගැනීම සඳහා චීනය ශ්‍රී ලංකාවට සහය පළ කර ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content