රාජ්‍ය සේවකයින්ගේ සහ විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ වැටුප් එකම දිනකදී ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මේ අනුව අද සියලු දෙනාට ස්ථීර වශයෙන්ම වැටුප් ලැබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ අතර මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 15ක් විය යුතු බවට දේශපාලන පක්ෂ ලේකම්වරුන් එකඟතාවකට පැමිණ තිබෙනවා.

මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවකදී මේ බව තහවුරු වුණා.

මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමත් සමග මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ට වියදම් කළ හැකි සීමා පිළිබඳද සාකච්ඡාවක් එලෙස මැතිවරණ කොමිසමේදී ඊයේ පවත්වා තිබුණා.

WhatsApp Group

Skip to content