ඉන්දියාව යනු අමෙරිකාවේ ගෝලීය උපායමාර්ගික හවුල්කරුවෙකු බව අමෙරිකාව අවධාරණය කළා.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඉන්දියාව පිළිබඳ අමෙරිකාවේ තීරණය ස්ථාවර බවයි.

සෑම අවස්ථාවකදිම ඉන්දියාව සමග පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම අමෙරිකාවේ අපේක්ෂාව බව ද ඔහු සඳහන් කළා.

ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නායකත්වය යටතේ, ඉදිරියේදී ඉන්දු -අමෙරිකානු සබඳතා තවත් ශක්තිමත් කර ගන්නා බවත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම ඇමෙරිකාව සහ ඉන්දියාව ද්විපාර්ශවික මිත්‍රයින් බවත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව සදහන්.

WhatsApp Group

Skip to content