අධ්‍යනය පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29)  දින ආරම්භ වුණා. මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වෙනු ඇති. ඒ සදහා අපේක්ෂකයින් හාර ලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස් තුන් දෙනෙකු පෙනී සිටීමට නියමිතව ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කළේ.

මේ අතර මෙවර විභාගය සදහා බන්ධනාගාරගත රැදවියන් දස දෙනෙකු පෙනී සිටින බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියා සිටියේ. එමෙන්ම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ සිසු සැරිය බස්රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කරනු ලැබුවා.

මේ ඒ පිළිබදව අදහස් පළකළ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති එල්.කේ.ඩී.අල්විස් මහතා.

https://www.vnews.lk/storage/2023/05/L.K.D.ALWIS-EDIT-1.mp3?_=1

මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය ද සිදු වනු ඇති බවටයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/05/IDIPOLAGE-EDIT-1.mp3?_=2

WhatsApp Group

Skip to content