Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙරට අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පළාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්ඩපම්හි සරණාගත කඳවුරක රැඳී සිටියදී එම පුද්ගලයා ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය පුවත් සේවාව වාර්තා කරන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 22 හැවිරිදි එස්. සිංතුජන් නමැත්තෙකි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙක් බවටද අනාවරණ තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට පත්වීම වළක්වා ගැනීමේ අරමුණින් පසුගිය 17 වනදා නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් තමිල්නාඩු ප්‍රාන්තය වෙත පළාගොස් ඇති බවද වාර්තා වනවා.

 

WhatsApp Group

Skip to content