චීන සංචාරකයින්ට පනවා ඇති සෞඛ්‍ය නීති ලිහිල් කිරීමට දකුණු කොරියා බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

නීති ලිහිල් කිරීමත් සමඟ චීනයේ සිට දකුණු කොරියාවට පැමිණෙන ගුවන් මගීන් ඡක්‍ඍ පරීක්ෂණ සිදුකිරීම අවශ්‍ය නොවන බව දකුණු කොරියා සෞඛ්‍ය අංශ පවසනවා.

නව නීති ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මකයි.

චීනය ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ඉවත් කිරීමත් සමඟ චීනයේ සිට පැමිණෙන සංචාරකයින්ට අමතර නිරෝධායන නීති පැනවීමට පියවර ගත්තා.

කෙසේ වුවද මේ වනවිට චීනයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇති බැවින් නීති ලිහිල් කරන බවයි දකුණු කොරියාව සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content