සංවර්ධන ලොතරැයි පාරිභෝගිකයින් හට ලොතරැයි ජයග්‍රහණයන් උරුම කර දීමේ අරමුණින් වාලම්පුරිය විශේෂ ලොතරැයිපතෙහි විජයග්‍රාහි තෙවන දිනුම් ඇදීමට අදාළ ටිකට් පත සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වෙළදපොලට නිකුත් කර තිබෙනවා.

මෙම ටිකට් පතෙහි පළමු සහ දෙවන දිනුම් ඇදීම මගින් ජයග්‍රාහකයින් රැසක් අතරේ රුපියල් කෝටි 8ක ආසන්න මුදල් සම්භාරයක් ලබා දී ඇති බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

මේ අනුව අදාල විශේෂ ලොතරැයිපතෙහි තෙවන දිනුම් ඇදීමට අදාල විශේෂ ලොතරැයිපතද පසුගිය දා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වු අතර ඒ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න මහතා මෙන්ම අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චානක දොඩංගොඩගේ මහතා ද එක්ව සිටියා.

මේ එම අවස්ථාව පිළිබදව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චානක දොඩංගොඩගේ මහතා.

https://www.vnews.lk/storage/2023/02/CHANAKA-DODAMGODAGE-EDIT.mp3?_=1

එළඹෙන මාර්තු මස 16 වන දින වාලම්පුරි විශේෂ දිනුම් ඇදීම හරහා දැන් පාරිභෝගිකයින් හට අවස්ථාව ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content